තෙවන ඇස

දවස් තුනෙන් දුම් බීම නතර කරගමුද?

Leave a comment

දවස් තුනෙන් දුම් බොන එක නතරකරගන්නේ කොහොමද කියල ඔයාල පුදුමයෙන් බලාගෙන ඉන්නවා ඇති. මේ ක‍්‍රමවේදය කියන්න කලියෙන් අපේ ආතා මුත්තලා ඉස්සර කාලේ කරපු ක‍්‍රමවේදයක් ගැන මතක් කරන්නම්.

qq

ඔයාල අහල ඇතිනේ අරක්කු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්ට ඌරු කිරි දුන්නම එයාට මත්පැන් කියන දේ අප්පිරිය වන තරමට එපා වෙනවලූ. හැබැයි මේ ක‍්‍රමවේදය ඉතා භයානකයි. මොකද එයාට අරක්කු දැක්කත් වමනය යනවලූ. ඒ වමනය නවත්තගන්නත් ලෙහෙසියෙන් බැහැලූ. ඉතින් මම මේක කිව්වේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මෙවැනි එක එක ආහාර රටා මගින් නිට්ටාවටම අත්මිදෙන්න පුළුවන් කම තියෙනවා කියල. එහෙත් ඌරු කිරි වගේ ක‍්‍රමවේදයන් නම් භයානකයි.

දැන් මම මේ කියන්න යන ක‍්‍රමවේදය ඉතාම සරල දෙයක්. අසීම් හස්මික් නම් මහතා තමයි මේ ක‍්‍රමවේදය හඳුන්වා දී තියෙන්නේ. ඔහු මේ ක‍්‍රමය පරික්ෂා කර අත්දැකීමෙන්ම තමයි කියන්නේ. ඔහු කියන අන්දමට දවස් තුනක් ඇතුලත එකදිගට ඇපල් රාත්තල් 10ක් අනුභව කිරීමෙන් සිගරට් වලට තියෙන ආසාව කැමැත්ත සම්පුර්ණයෙන්ම නතර වන බවයි. අසීම් හම්සික් මහතාට මේ වනවිට අවුරුදු 63 ක් පමණ වයසයි. මේ ක‍්‍රමවේදය මගින් ඔහු අවුරුදු 20ක් පුරාවටම දුම්පානය කර නොමැති බව සඳහන් කරනවා.

පොතු පිටින් හෝ පොතු නැතුව දවස් තුනක් ඇතුලත ඇපල් රාත්තල් 10ක් ඔබ අනුභව කල යුතුය. ඒ වගේම ඇපල් ආහාරයට
ගන්නා කාලය තුලදී වෙනත් කිසිම ආහාරයක් නොගැනීමට වග බලා ගන්නත් ඕන. ඒ වගේම පෙර පරිදිම ඔබ සිගරට් පානය කල යුතු බවද හසිම් මහතා පවසනවා. මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන තුන්වන දිනයේදී ඔබට සිගරට් සඳහා වන කැමැත්ත පුදුම සහගත ලෙස පහව එන බව ඔහු තවදුරටත් සඳහන් කරනවා.

දවසට සිගරට් පැකට් 3 බැගින් අවුරුදු 35 ක් පුරාවටම ඇබ්බැහි වෙලා හිටපු අසීම් මහතා දැන් මේ පුරුද්දෙන් නිට්ටාවටම මිදීම
ගැන අසල්වැසියන්ද මවිතයට පත් වන බවයි කියවෙන්නේ. එසේම මෙම ක‍්‍රමවේදය මගින් ඉතා විශාල ප‍්‍රගතියක් ලබා ගතහැකි බව වෛද්‍යවරු පවා පවසනවා.

මෙම දවස් තුන ඇතුලත ඉතා කුඩා හිසරදයක් හැරුනුකොට වෙනත් කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ කියල තමයි ඒ මහතා තවදුරටත් පවසන්නේ.

මෙසේ දවස් තුනක් ඇතුලත විශාල ඇපල් ප‍්‍රමාණයක් ආහාරයට ගැනීම තුලින් මෙය ප‍්‍රභල මුත‍්‍රා වර්ධකයක් ලෙස ක‍්‍රියා කරලා
නොකොටින් වගේ විෂ ද්‍රව්‍ය ශරීරයෙන් සම්පුර්ණෙන්ම ඉවත් වෙලා මුළු ශරීරයම පිරිසිදු කරන බව ඔහු පවසනවා.

එසේම උදාර අම්ල රෝගාබාධයන්ගෙන් පෙලෙන අය මෙය නොකළ යුතු අතර අනෙකුත් පුද්ගලයන් දවස් දහයක් ඇතුලත ඇපල් කිලෝ ග්‍රෑම් 10 ක් අනුභව කරත් ඉන් කිසිදු හානියක් නොවන බවස හසීම් මහතා පවසනවා.

ඔයාලත් මේ ක‍්‍රමය අනුගමනය කර දුම් බිමෙන් මිදෙන්න පුළුවන්ද කියල බලල අපිටත් ප‍්‍රතිඵල කියන්න අමතක කරන්න එපා.

උපුටා ගැනීමකි

අපගේ face book  පිටුවට like  එකක් දෙන්න යාලුවනේ….මෙතන ඔබන්න

post  එක වටිනවානම් පහලින්  share  කරන්න 

Leave a comment