තෙවන ඇස

පැපොල් වල ගුණ දන්නවනම් ඔබ හැමදාම පැපොල් කයි

1 Comment

අපි හැමෝම කන්න ආස පළතුරක් තමයි පැපොල් කියන්නේ.අපි හැමෝම දන්නා දෙයක් නම් තමයි පැපොල් කියන්නේ ලංකාවේ වැවෙන, හැම පලතුරු කඩයකින්ම ගන්නත් පුළුවන්, පිට රටකින් බොහෝවිට නොගෙන්වන නිසා කල්තබාගැනීමේ රසායනික දේවල් ඉතාමත්ම අඩු පළතුරක් කියලා.ඉතින් පැපොල් කෑවට අපි හුගක් වෙලාවට දන්නේ නෑ මේ සුවිශේෂී පලතුරේ තියෙන විශ්මිත ගුණාංග ගැන.අද අපි කතාකරන්න යන්නේ මෙන්න මේ පැපොල් වලින් අපේ ශරීර සෞඛ්‍යට ලැබෙන දේවල් ගැනයි.

Untitled-08


ශරීරයේ ප‍්‍රතිශක්තිකරන පද්ධතියට පැපොල්
පැපොල්වල අඩංගු වෙනවා විටමින් A හා C කියන විටමින් වර්ග දෙකම.මේ විටමින් වර්ග දෙක ගොඩාක් හේතු වෙනවා අපේ ප‍්‍රතිශක්ති කරන පද්ධතිය හොඳින් පවත්වාගෙන යන්න.මේ නිසා අපිව සෙම්ප‍්‍රතිශ්‍යාව, උණ හා හිසරදය වැනි අපට එපාම කරපු රෝගවලින් අපිව ආරක්ෂා කරනවා අපි හැකි සෑම විටකම පැපොල් ඇතුළු පලතුරු ආහාරයට එක්කරගන්නවා නම්.

ඇස් නොපෙනී යන මකියුලා රෝග තත්වයන්ගෙන් ආරක්ෂා කරයි
කවුද කැමති වයසට යනවාත් එක්කම ඇස් පෙනීම දුර්වල වෙනවට.හැමෝම කැමතියි ජීවත්ව ඉන්නතාක්කල් හොඳින් ඇස්පෙනීම තියෙනවානම් මොකද ඒ තරම්ම වටිනවා අපට ඇස් පෙනීම කියන එක.අපි හොඳින් ඇස් දෙකේ පෙනීම හොඳින් තියා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුළුවන් හැම වෙලාවකම පැපොල් ඇතුළු පලතුරු නිතර නිතර අපේ ආහාර වේලකටම එකතු කරගන්න එකයි.

සම පැහැපත් කරගනිමින් ආරක්ෂා කරගැනීමට
පැපොල් කියන්නේ අපේ සමට ඉතාමත්ම හොඳ පළතුරක්.පැපොල් ආහාරයට ගන්න ගමන් අපට පුලූවන් නම් මුහුණට මාස්ක් එකක් අඩුම තරමේ මාසෙකට වතාවක්වත්,ඔබට විශ්වාස කරන්න බැරි තරමේ ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන් කියලයි කියන්නනේ.මේ මගින් සමේ දුර්වර්ණ වූ ප‍්‍රදේශ හා සමෙහි ඇතිවන ආසාදනයන්ට ප‍්‍රතිඵලදායක වෙනවා.මෙහිදී සිදුවන්නේ සමෙහි ඇති ඉතා කුඩා සිදුරු විවුර්ත කිරීමට පැපොල් උපකාරී වීමයි.මේ නිසා සමේ පහල ඉස්තර වල ඇති දුර්වර්ණ වූ කොටස් හා ආසාදනය වූ කොටස් නැති කිරීමට උපකාරී වෙනවා.තවද සමෙහි මැරුණු කොටස් දියකර හරිමින් සම පැහැපත් කරමින් ඔබට නැවුම් සමක් ලබාදෙනවා.

වයසට යෑම ප‍්‍රමාද කරීමට
කුඩා කැමති වයට යන්න නේද? පැපොල්වල අඩංගු antioxidants සටන් කරනවා අපේ ශරීරය වයට යන එක ප‍්‍රමාද කරන්න.සෑම පලතුරක්ම ආහාරයට ගැනීමෙන් ඔබට ඔබේ තාරුණ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා මතක තබා ගන්න.

හදවත් රෝග වලින් ඔබව ආරක්ෂා කරයි
ප‍්‍රධාන වශයෙන්ම පැපොල්වල් තියෙන විටමින් වලින් කලස්ට්‍රෝල් ඔක්සිකරණය වීම වලක්වයි.මෙම කලොට්‍රෝල් ඔක්සිකරණය වුවහොත් ඒවා අගේ රුධිර නාල වල බිත්ති වල ඇතුලත සවිවීමට පටන්ගනී මේ නිසා හදවත් රෝගවලට මුහුණ පෑමට සිදුවෙයි.ඔබ පැපොල් නිතර ආහාරයට ගන්නේ නම් ඔබව හදවත් රෝගවලින් ආරක්ෂා කරනවා.

සෞඛ්‍ය සම්පන්න ආහාර දිරවිමකට
පලතුරුවල අඩංගු එන්සයිම මගින් අපි ගන්න ආහාරවල ඇති ප්‍රෝටීන කොටස්වලට කඩමින් දිරවීමට පහසු කරනවා. මේ විතරක් නෙවෙයි ඔබට ඇත්නම් මල බද්ධය සම්බන්ධ රෝග මේවාටද පැපොල් ඉතාමත්ම හොඳ පළතුරක් වෙනවා.

ගැබිණි කාන්තාවන්ට පැපොල්
ගැබිණි කාලයේදී ඇතිවන ඔක්කාරය හා වමනය ඇතුළු සංකුලතා වලට පැපොල් කුඩා ප‍්‍රමාණයන්ගෙන් ආහාරයට එක්කර ගැනීම ඉතාමත් ගුණදායකයි.

ඇතිවන ප‍්‍රදාහ තත්වයන් හා ඉදිමුම් සහිත දැවිල්ල පාලනය කරයි
පැපොල්වල අඩංගු විශේෂිත ප්‍රෝටීන දිරවන papain හා chymopapain එන්සයිම මහින් ඉදිමුම් සහිත දැවිල්ල පාලනය කරයි.

Rheumatoid ආතරයිටීස් වර්ග පාලනය කරයි
පැපොල්වල ඇති විටමින් C වලින් Rheumatoid ආතරයිටීස් තත්වයන් පාලනය කරයි.

පිරිමි පාර්ශවයට සෑදෙන Prostate පිළිකා වලින් ආරක්ෂාකරයි
පැපොල්වල අඩංගු Antioxidant වලින් නැත්නම් Iycopene වලින් පිළිකා වලකයි. ඔබ දිනපතා Green tea පානය කරයි නම් Iycopene හා එක්ව Prostate පිළිකා ඇතිවීම හා වැඩිවීම 86% ක ප‍්‍රතිශතයකින් වලකයි.

ඔසප් වේදනාව අඩුකර ගැනීමට
කාන්තාවන් මේ කාලයේදී පැපොල් වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔසප් වේදනාව සෑහෙන දුරකට අඩුකරගත හැක.

ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන ලේ කැටිගැසීම් වලින් ඔබව ආරක්ෂා කරයි
පැපොල් වල අඩංගු එන්ස්යිමයක්වන fibrin වලින් අනවශ්‍යය ලෙස ශරීරයේ ඇතිවන ලේ කැටි ගැසීම් වලින් අපව ආරක්ෂාකරයි.

ඉහත සඳහන් බොහෝ ගැටළු අපට අද සමාජයේ දකින්නටත් අසන්නටත් ලැබෙන තත්වයන් බව ඔබ දන්නවා ඇති.සමහරවිටක ඉහත සඳහන් එක කරුණක් හෝ ඔබට, ඔබගේ පවුලේ කෙනෙකුට හෝ ඔබගේ යාලූවෙකුගේ දෙමාපියන් ඇතුළු යම්කිසි කෙනෙකුට වැදගත් වනවා නොඅනුමානයි,මේනිසා තවත් කෙනෙකුගේ කිසියම් වේදනාවකට පිහිටක් වීමට ඔවුන්ගේ දැනගැනීමට Share කරන්න.

අපගේ face book පිටුවට like එකක් දෙන්න යාලුවනේ….මෙතන ඔබන්න
post එක වටිනවානම් පහලින් share කරන්න

One thought on “පැපොල් වල ගුණ දන්නවනම් ඔබ හැමදාම පැපොල් කයි

  1. Pingback: පැපොල් වල ගුණ දන්නවනම් ඔබ හැමදාම පැපොල් කයි

Leave a comment