තෙවන ඇස

දහදිය දුගඳට මෙන්න විසදුම

Leave a comment

මේ දවස්වල හරියට අව්ව. පරිසරයේ උෂ්ණත්වය අධික නිසා ම දහඩිය දමනවත් වැඩියි. දහඩිය ගලන නිසා වගේ ම දහඩිය අධික දුර්ගන්ධයෙන් යුක්ත වීම නිසා මිනිසුන් පීඩාවට පත්වෙලා. විශේෂයෙන් ම බසයක, දුම්රියක වැනි පොදු  ප‍්‍රවාහන සේවයක ගමන් ගන්නා විට දහඩිය නිසා ඔබ අපහසුතාවට පත්වන්න පුළුවන්. කාන්තාවන් වන ඔබට එය මහත් ම ගැටලූවක් ද විය හැකිය.

sweaty-arm-pit

දහඩිය දුගඳට හේතු
ශ‍්‍රී ලංකාව සමකාසන්නයේ පිහිටා තිබෙන ඝර්ම කලාපීය රටක්. මේ නිසා අපට හිරුගේ පීඩාවලට ගොදුරු වෙන්න සිදුවෙනවා. මේ නිසා දහඩිය දැමීම ස්වභාවික දෙයක් වුණත් දහඩිය අධික ගන්ධයෙන් යුක්ත වීමට විවිධ හේතු බලපානවා. කාන්තාවන්ගේ දහඩිය අධික දුගඳකින් යුක්ත වීමට ඔසප් වීම හා එහිදී ඇතිවන හෝමෝන විපර්යාස හේතුවක් වෙන්න පුළුවන්. තම පවිත‍්‍රතාව පිළිබඳ කාන්තාවන් නිතරම සැලකිලිමත් වුණත් ඔසප් දිනවලදී අනෙක් දිනවලටත් වඩා පිරිසිදු කම පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. කාර්ය බහුලත්වය නිසා බොහෝ විට දිනකට පානය කිරීමට අවශ්‍ය පිරිසුදු වතුර ප‍්‍රමාණය ඔබට පෙවෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ම ශරීර සෙෘඛ්‍ය පවත්වා ගන්න අවශ්‍ය සමබල ආහාර වේලක් ගන්නත් හැකියාවක් නොලැබෙනවා වියහැකිය. දවසකට කෑමට අවශ්‍ය එළවළු පලතුරු ප‍්‍රමාණය ආහාරයට නොගැනීම නිසාත් වෙනත් විවිධ කරුණු බලපෑම නිසාත් මලබද්ධය ඇතිවීම හේතුවෙන් දහඩිය දුගඳ වැඩිවෙන්න පුවවන්. මේ නිසා නිතරම පිරිසිඳු වතුර පානය කර අලූත් එළවළු පලතුරු ආහාරයට ගෙන නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට කටයතු කළහොත් නා පිරිසුදුවට හිටියොත් දහඩිය ගඳ නැතිවේවි.

ඩියොඩ‍්‍රන් භාවිතය
වත්මන් තරුණ තරුණියන් දහඩිය ගඳ වළක්වා ගැනීම සඳහා නිතර ම උනන්දුවනවා ඒ සඳහා ඔවුන් භාවිත කරන්නෙ කෘත‍්‍රිම ආලේපන. ඩියොඩ‍්‍රන් වැනි දේ භාවිතය මගින් දහඩිය ගඳ තාවකාලිකව නවතාගත හැකියි. ඒත් නිතර නිතර මෙවැනි ද්‍රව්‍ය භාවිතය මගින් සිරුරට හානිවෙන්න පුළුවන් දිගුකාලීනව මේවා භාවිතයට ගැනීම නිසා ඒවායේ අඩංගු රසායන සිරුරට ඇතුළුවීම මගින් අනාගතයේ වැලඳිය හැකි විවිධ ලෙඩ රෝග වලට රෝගකාරකයක් වෙන්නත් පුළුවන්.

ස්වභාවික ප‍්‍රතිකාර
අතීතයේ විසූ කාන්තාවන් ස්වභාවික ආලේපන සකසාගෙන තම රූසපුව රැුකගත්තා. වසවිස නැති ආහාර අනුභව කළා. පිරිසිදු ජලය පානය කළා. මේ නිසා වත්මන් සමාජයේ තරුණ තරුණියන් මුහුණපාන මෙවැනි ගැටලූ ඔවුන්ට එතරම් ම බලපෑවෙ නෑ. කෘත‍්‍රිම දේ ආලේප කරනවාට වඩා නිවාඩු පාඩුවේ නිවෙසේ රැුදී සිටින වෙලාවට ස්වභාවික ආලේපන සකසා ගෙන ආලේපකර ගැනීමට පුරුදු වුණොත් දහඩිය ගද මානසික ප‍්‍රශ්නයක් කර ගන්නේ නැතිව ඉන්න හැකිවේවි.

-සේපාලිකා මල් පිරිසුදු වතුර එකක රැුයක් පුරා දමා පසුවදා එම වතුරින් ඇග සෝදන්න.
– සුදු හඳුන් කුඩු, පිනි ජම්බු යුෂවලින් අනා එම ස්ථානවල ගැල්වීම.
– අබ, වද, මදාරා පොතු යුෂවලින් නිතරම කිහිලි සේදීම.
– බිං කොහොඹ යුෂ ආලේපය.
– වෙනිවැල්ගැට කුඩු, අරළු කුඩු, සැවැන්දරා කුඩු, සුදුහඳුන් කුඩු මේවා සමව ගෙන පිරිසුදු ජලයේ මිශ‍්‍ර කර ආලේපනයක් ලෙස
සකසා නෑමට පැය භාගයකට පෙර කිහිලිවල ආලේප කරන්න. හැකි සෑම අවස්ථාවක ම මෙය භාවිතයට ගැනීමෙන් දහඩිය      ගඳ දුරුකර ගන්න පුළුවන්.
– ඇග නිවෙන, දාහය නසන පාන වර්ග ඉතාම සුදුසු වේ. සව්, බාර්ලි, රසකිඳ, බැබිල, පොල්පලා, රණවරා වැනි දේ තම්බා බීම.

උපුටා ගැනීමකි

අපගේ face book  පිටුවට like  එකක් දෙන්න යාලුවනේ….මෙතන ඔබන්න

post  එක වටිනවානම් පහලින්  share  කරන්න 

Leave a comment