තෙවන ඇස

එක රැයකින් පසුව කුමාරිකාවක් , කුමරෙක් සේ අවදි වීමට ඉතා වැදගත් ඉගි කිහිපයක්

2 Comments

Untitled-1---Copy

හිසකෙස් වලට සුවය

ඉතාමත් කාර්ය බහුල ජීවිතය නිසා බොහොමයක් කාන්තාවන්ට තමන්ගේ සම, දෙතොල්, හිස කෙස් හෝ දෙපා ගැන වැඩි අවධානයක් යොමු කරන්න කාලයක් නැති වෙනවා. දවල් වරුවෙන් කාලයක් ගත වෙන්නේ නැති නිසා මේ හදුන්වා දෙන්න යන ක‍්‍රම ඔබට ඉතාමත් පහසුදායි ක‍්‍රම වෙනවා. ඔබට දිවා කාලය කිසිසෙත් ඔබගේ අලංකාරය වැඩි කර ගන්න යොදවන්න බැරිනම් මෙම ක‍්‍රම ඔබට සිදු කරන්න පුළුවන්. මේ රැුයේදී කරන සත්කාරය මගින් ඔබගේ පෙනුමට ඇදහිය නොහැකි වෙනසක් සිදු කර දෙනවා.

ඔබගේ දිගු කෙස් ඔබ නිදි යාමේදී තැලී හානි වෙන්න පුළුවන්. මේ තත්වයෙන් මිදෙන්න පුළුවන් ඔබගේ පුළුන් කොට්ටය වෙනුවට සැටින් කොට්ටයක් භාවිතා කිරීමෙන්. සැටින් කොට්ටයේ මතුපිට සිලික් බැවින් හිසකෙස් එය මත තදවී නොයෙක් අතට හැරීමේදී හිසකෙස් ගමන් කර සිදුවන හානිය අවම වේනවා. ඔබ නිදා ගැනීමට යාමට ප‍්‍රථමව හිසකෙස් සියුම්ව ගොතා ගන්න.

රැලි සහිත බව නැතිකර ගැනීම

ඔබ සම රැුලි වැටීම පාලනය කරගන්න ක‍්‍රීම් වර්ග ආලේප කරනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ සාමාන්‍ය පරිදි සම වියළීම වෙනුවෙන් ආලේප කරන ආලේපය රාත‍්‍රියේදී ආලේප කර නින්දට යන්න. ඔබට පසුදා උදෑසන නැවුම් පෙනුමක් අත්විදිය හැකි වේවි.

වියළි පාද

ඔබගේ දෙපා වියලි නම් ඔබට සරලවම වැස්ලින් ආලේප කරන්න පුළුවන් එසේත් නොමැතිනම් ඒ හා සමාන සම වියලීම පාලනය කරන වෙනත් ආලේපයක් ආලේප කරන්න පුළුවන්. ඔබ එම ආලේපය ආලේපකර නින්දට යාමට පෙර එය සමට ඉතා හොදින් උරා ගැනීම සදහා එම ස්ථානයේ පුළුන් කබැල්ලක් තබන්න. මෙය ඔබගේ දෙපාවල අලංකාරය පවත්වා ගැනීම සදහා රාත‍්‍රියේදී සිදුකල හැකි ඉතාමත් සාර්ථක ප‍්‍රතිකාරයකි.

ඔබගේ දෙතොල්වල වියළි බව නැතිකර ගැනීම

ඔබ නින්දට යාමට පෙර ආමන්ඞ් තෙල් තොල්වල ගල්වා නිදාගන්න. ඔබට පසුදා උදෑසන ඔබගේ දෙතොල් වලට සිදු වී ඇති විශ්මිත වෙනස වටහා ගත හැකි වේ.

නියපොතු අවට මෘදුව තබා ගනීම

ඔබ නින්දට යාමට පෙර පොල්තෙල් ස්වල්පයක් නියපොතු අවට දමා ඇතිල්ලීමෙන් ඔබට ඔබගේ නියපොතු අවට මෘදුව තබාගෙන ඔබගේ නියපොතු අලංකාර කර ගැනීමට හැකි වේවි.

සම බැබළවිම
ඔබට උදෑසන අවදි වීමේදී ඔබගේ මුහුණ බැබළීමට අවශ්‍යනම් ඔබ කලයුත්තේ විටමින් ෑ ඇතුලත් තෙල් ආලේප කිරීමයි. ඔබ රාත‍්‍රියේදී ආලේප කරන ක‍්‍රීම් වර්ගය ආලේප කිරීමට පෙර ඔලිව් තෙල් ගෙන සමෙහි ගල්වා එය සමට උරාගන්නා තෙක් තදින් සම්භාහනය කරන්න.

කුරුලෑ ඉවත් කිරීම
ඔබට සරලවම කුරුලෑ ඉවත් කර ගැනීමට ක‍්‍රමයක් ඇත. ඒ ඔබ නිදා ගැනීමට යාමට පෙර කුරුලෑ වල දන්තාලේප (සිග්නල්* ආලේප කිරීම තුලිනුයි. ඔබ දන්තාලේප ආලේප කිරීමෙන් පසුව උදෑසන එය සෝදා දමන්න.

ඇස් පිහාටු වර්ධනය කර ගැනීම
එඬරු තෙල් ස්වල්පයක් ගෙන පිරිසිදු පුළුන් කැබැල්ලකින් ඇස් පිහාටු මත ඔබ නින්දට යාමට පෙර ඉහල ඇස් පිහාටු පේලිය දිගේ ආලේප කරගන්න. මෙම ප‍්‍රතිකාරයෙන් මාස දෙකකට අවම කාලයක් ඇතුලත ඔබගේ ඇස් පිහාටු දිගුව සහ ඝනැතිව වැවෙනු ඇත.

අත් මෘදුව තබා ගැනීම
ඔබගේ අල්ල පමණක් නොවේ. ඔබගේ මුළු අත් දෙකම මෘදුව තබා ගත යුතුය. පළමුවම ඔබ කල යුත්තේ නිවසේදීම දුඹුරු සීනි සහ ඔලිවු තෙල් යොදා ආලේපයක් සාදාගෙන ආලේප කිරීමයි. ඉන් පසුව විටමින් ෑ අඩංගු තෙල් හෝ ඔබ සාමාන්‍ය පරිදි අත්වල ආලේප කරන ක‍්‍රීම් ආලේප කර ග්ලවුස් දෙකක් දමා ගෙන නින්දට යාමයි. ඉන් පසුව පසුදා උදෑසන ඔබගේ දෑත් මෘදුව දිස්වෙනු ඇත.

උපුටා ගැනීමකි.

අපගේ face book  පිටුවට like  එකක් දෙන්න යාලුවනේ….මෙතන ඔබන්න

post  එක වටිනවානම් පහලින්  share  කරන්න 

2 thoughts on “එක රැයකින් පසුව කුමාරිකාවක් , කුමරෙක් සේ අවදි වීමට ඉතා වැදගත් ඉගි කිහිපයක්

  1. Mona vitamin oil da gnna kyla tynne?

    Like

Leave a comment